අල්වාරෝ කුණාල් දුටු ලංකාව
පසුගිය කාලයේ බොහෝ උදවිය සුදර්ශනගෙන් ප්‍රශ්න කළේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්නේ කොහොමද කියායි. මුලින්ම අපට කියන්නට වන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ඓතිහාසික අවස්ථා දෙකක් මේ වන විටත් අප විසින් මගහැර තිබෙන බවයි.
01. 1990-93 කාලයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි වාමාංශිකයන් විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගය
02. 2003දී එ.ජා.පය සහ ජ.වි.පෙ එක්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය
ඉහත ක්‍රියාවලි දෙකම පරාජයට ලක් වුණා. සිංහල ජාතිවාදය මතින් පරාජයට පත්වූ මේ අවස්ථාවන් දෙක නිසා අද වනවිට අපට විශාල දේශපාලන සහ ආර්ථික වන්දියක් ගෙවීමට සිදුව තිබෙනවා.
මේ කාලයේ එ.ජා.පයටත්, ජ.වි.පෙ.ටත්, නිදහස් පක්ෂයටත් සහ රාජ්‍ය නොවන සංවිධාන වලටත් සම්බන්ධ නොවී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නේ කොහොමද යන ගැටලුවට අප මුහුණපා සිටිනවා. මෙය අපට තීරණාත්මක මංසන්ධියක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.
සුදර්ශන මෙහිදී යෝජනා කරන උපක්‍රමය වන්නේ පෘතුගාලයේ හිටපු කොමියුනිස්ට් පක්ෂයේ නයක අල්වාරෝ කූණාල්ගේ උපක්‍රමයයි. එය නම් වසර සිය ගණනක් පෘතුගාලය පාලනය කළ කොම්පදෝරු ප්‍රභූ පැලැන්තියෙන් පෘතුගාල වැඩකරන ජනතාවට නිදහස ලබා දීමයි. එහිදී ඔහු එය සාර්ථක කර ගනු ලැබූවේ පෘතුගාල යුද හමුදාව සහ එරට කොමියුනිස්ට් පක්ෂය ඒ පිළිබඳ වූ වැඩසටහනකට එකඟ කරවා ගැනීමෙන්. එහි ප්‍රතිඑලයක් ලෙස පෘතුගාලයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුන අතර එයට නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂය පරාජයට පත් වුණා.
ශ්‍රී ලංකාවේදී සුදර්ශනගේ උත්සහයද මේ අර්ථයෙන් ඉතා අවධානම්කාරී එකක්. මන්ද යත් ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීම සඳහා කරන අරගලයත් අවසානයේ කළ හැකි වන්නේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනකින් පමණයි. සාමාන්‍ය මිනිසුන් කියන ආකාරයට ආණ්ඩු පක්ෂය පරාජයට පත්කර විපක්ෂය බලයට පත් කිරීමෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කළ නොහැකියි. ඒ පිළිබඳව කිසිවකුටත් විශ්වාසයක් ද නැහැ.
නමුත් මේ මොහොතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් ලංකාවේ උතුරේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා එකට එකතු වීමට සිදුව තිබෙනවා. එය ඓතිහාසික අවස්ථාවක් වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන්. සමහර විට මෙය ලංකාවේ මේ සම්බන්ධයෙන් ලැබෙන අවසන් අවස්ථාවද වන්නට පුළුවන්. අල්වාරෝ කූණාල් මෙන්ම සුදර්ශන ගුණවර්ධනත් මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ එම අවස්ථාව ග්‍රහනය කර ගන්නටයි. මෙය ඉතාම භයානක විනාශකාරී තීරණයක් වන බව කිසිවකුත් නැවත මතක් කළ යුතු නැහැ. එමනිසා මෙම අරගලය ජයග්‍රහණය කළ යුතුය. එසේ නොවුනහොත් ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය කිසි දිනෙක නොලැබෙනු ඇත.
If you enjoyed this post, make sure you subscribe to my RSS feed!











Comments are closed