Archive for category: අරගල

/ May 13, 2012 11:15 am

දෙමළ භාෂා පනතට එරෙහිව විජේවීරත් පෙළපාලි යයි!

ජනවාරියේ කළු මතකය – 2 ජනවාරි 08 ඩඩ්ලි – චෙල්වා ගිවිසුමට එරෙහි පෙළපාලිය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සමඟ වෙඩි තැබූ අතර දඹරාවේ රතනසාර තරුණ හිමි නම වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලත් විශාල පිරිසක් රෝහල් ප්‍රතිකාර ලැබූ බව අපට මතකය. ඒ මූසල දිනයේ අප ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ කොම්පඤ්ඤ වීථියේ අංක 123 දරණ ස්ථානයේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ – පීකිං පිළ [...]

/ April 14, 2012 2:32 pm

ජනවාරියේ කළු මතකය…

අවනීතිය, අසාධාරණය, වංචාව, රැවටීම, දූෂණය, පලිගැනීම හා අත්තනෝමතික රාජ්‍ය පාලනය පිළිබඳ ආසියාවේ විශ්මය බවට පත්වීමේ අදිටන සපුරා ගැනීමට ලංකා රජයේ සහ අවිචාරවත් වැසියා තබන සෑම පියවරකම සාක්ෂිකාරයන් වෙන්නට අද අපට සිදුව තිබේ. පසුගිය ජනවාරි මස 24 වැනිදා ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු අතුරුදහන් කරන ලද සියලු රටවැසියන් වෙනුවෙන් පැවැත්වූ දේව කන්නලව්වකි. ජනවාරි 25 වන දා මාධ්‍ය මර්දනය කෙරෙහි මහජන අවධානය දිනා ගැනීම [...]

/ November 23, 2011 11:44 am

බිනයාක් සෙන් හරහා ශ්‍රී ලංකාව කියවන්න

ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තය ඉන්දියාවේවත් වැඩි අවධානයකට ලක් වූ එකක් නොවිණි. මාඕවාදී කැරලිකරුවන් නිසා යම් ප්‍රමාණයකට දිස්ත්‍රික්කයක් දෙකක් නම් ප්‍රවෘත්තිවලට එකතු වී ඇත. මේ ප්‍රාන්තයේ බහුතර ප්‍රදේශයක් අති දුෂ්කර වන අතර නොදියුණු දිළිඳූ ගොවි ජනයා හා ගෝත්‍රික ජනයාගෙන් සමන්විත වීම එම අප්‍රසිද්ධියට හේතු වන්නට ඇත. එහෙත් ලිබරල් ධනේශ්වර ක්‍රමයේ කා වැදීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මිලිටරිකරණය වන දේශපාලනයත්, උන් හිටි තැන් අහිමිකරමින්, [...]