Archive for category: ආර්ථික

/ December 20, 2012 7:38 am

ආණ්ඩුවේ නිදන් හැරීම- සමබිම හෙළිදරව්ව

ලක් පොළවේ වළලා ඇති මිල කළ නොහැකි නිධාන ආණ්ඩුවේ අනුග්‍රහය ඇති පිරිස් විසින් සොයාගෙන ඒවා හාරා ගොඩ ගන්නා බවට රට පුරා ආරංචි පැතිරෙන සමයක ඒ පිළිබඳව සොයා බලා හෙළිදරවු කිරීමට සමබිම අදහස් කළා.  මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී සමබිමට හෙළිදරවු වූයේ ඇත්ත වශයෙන්ම ලංකාවේ ඇති ඉතාම වටිනා නිධානයන් හාරා එහි වස්තුව, දේපල ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවය.  පුරාණ රජදරුවන් [...]

/ November 21, 2012 9:01 am

ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග

මෙම ලිපිය පළවන විට මෙම ආණ්ඩුවේ 2013 වර්ෂය සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනු ඇත. මෙම වර්ෂයේ අයවැයත් පසුගිය වර්ෂ දෙක තුළ අයවැය මගින් ඉදිරිපත් කළ සංවර්ධන උපායමාර්ගම ඉදිරියට ගෙන යනු ඇති බවට අනුමාන කළ හැකිය. සංවර්ධනය වන ලංකාව වැනි රටවල සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ පොහොසතුන් අත මුදල් සංකේන්ද්‍රණය වීමට ඉඩ සලස්වා ඔවුන්ගේ මුදල් නැවත ආයෝජනය කිරීමට ඔවුන් පෙළැඹවීමයි. මේ සඳහා [...]

/ April 18, 2012 1:25 pm

හේතුව වෙනුවට ඵලය පාලනය කිරීම

යම් ආයතනයක ලාභය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් එහි හිමිකරු විසින් කළ යුත්තේ ආදායම වැඩි කර ගැනීම සහ වියදම අඩු කර ගැනීමයි. මක්නිසා ද යත් ලාභය යනු ඵලයක් බැවිනි. හේතුවක් නොවන බැවිනි. ඵලය වන ලාභයට බලපෑමක් කර ලාභය වැඩි කරගත හැක්කේ ඉලක්කම් සංශෝධනය කිරීමෙන් පමණි. ආදායම වැඩි කර ගැනීම තවදුරටත් විග්‍රහ කළහොත් එය ද ඵලයක් බවත් හේතුව වනුයේ ආයතනයේ ගනුදෙනුකරුවන් [...]

/ November 3, 2011 2:37 pm

සංවරණ සහ තුලන

නූතනආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන අංශ තුනෙහි කටයුතු සමබරව පවත්වාගෙන යාම සඳහා නොයෙකුත් සංවරණ සහ තුලන හඳුන්වාදී ඇත. නීති සම්පාදනය ව්‍යවස්ථාදායකයේ වගකීම වන අතර සම්පාදිත නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම අධිකරණයේ කාර්යභාරයයි. ඇමරිකන් ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියට කැඳවිය හැකි අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තු වගකීමට යටත්ය. මෙම සංවරණ සහ තුලන මගින් රාජ්‍යයේ විවිධ අංශ සමබරව පවත්වාගෙන [...]

/ September 16, 2011 5:42 pm

හෙජින් කතාව සහ තවත් කතා ආණ්ඩුවේ බංකු බංකුලා සමඟ එක් වී බැංකු අපට කොකා පෙන්වීම

ඔන්න දැන් හෙජින් කතාව ආයෙත් එළියට ඇදිලා. ඒ කාලෙ ‛දූෂණ විමසුම’ කියලා සංවිධානයක් මේ ගැන කතා කළාම ආණ්ඩුවේ හිටපු දේශප්‍රේමියෙක් වන විමල් වීරවංශ කිව්වේ ‛වක්කඩ කැඩිච්ච’ වෙලාවෙ (බෙදුම්වාදී තර්ජනය) නියරෙ තියෙන කක්කුටු බෙන (අල්ලස්, දූෂණ) ගැන කතා කරලා වැඩක් නැහැ කියලයි. ඒ වුණාට දැන් එයා වක්කඩ බැඳලා ඉවර වෙලා කක්කුටු බෙන ගැන සොයන්න පටන් ගන්නකොට කක්කුටු බෙනේ ලොකු වෙලා කඩාඩුවක් [...]

/ September 16, 2011 5:39 pm

ඔයාලා ජීවත් වෙන්නේ අපේ අම්ම හම්බ කරන සල්ලිවලින්

පසුගිය දා ලෙස්ටර් ජේම්ස් පදනම ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වීමට ලෝක සිනමාවට විශිෂ්ට සිනමා කෘති ගණනාවක් දායාද කළ සුප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයෙකු වූ අදූර් ගෝපාල්ක්‍රිෂ්ණන් ලංකාවට පැමිණියේය. ඔහුගේ ‛ගැහැනුන් හතර දෙනා’ නම් වූ චිත්‍රපටය ඔහුගේ ද සහභාගීත්වයෙන් යුතුව නැරඹීමට අවස්ථාව ලදිමි. එය 1940 – 1950 පමණ කාලයේ කේරළයේ කාන්තාවන් විඳින දුක්ඛදෝමනස්සයන් මැනවින් චිත්‍රණය කළ කෙටි චිත්‍රපට හතරක එකතුවකි. චිත්‍රපටය අවසානයේ [...]