/ December 18, 2012 7:43 am
- යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි දළදා මාලිsගයට ධාතුන් වහන්සේ වැඩම කරවීමට එදා කාන්තාවකට හැකි වූවා නම් දළදා මාලිsගයේ දියවඩන නිලමේ තනතුරට ඉදිරිපත් වීමට නොහැකි ඇයිදැයි ගැන කාන්තාවන් ප්‍රශ්න කරනවා යෑයි යුද්ධයේදී විපතට පත්වූ කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි විශාකා ධර්මදාස මහත්මිය අම්පාරේදී පැවැසුවාය. අම්පාර සේවා ලංකා ආයතන රැස්‌වීම් ශාලාවේදී පැවැති මෙම රැස්‌වීමට පැමිණි පොලිස් යුද හමුදා සාමාජිකයන් ඇතුළු කාන්තා සමිති [...]
/ December 17, 2012 12:23 am
අධිකරණයේ ස්වාධීනතාවය සහ ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණයක් දෙසැම්බර් මස 18 වන අඟහරුවාදා සවස 2.30 සිට කෑගල්ල, සණස මොටෙල් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ. මෙම සම්මන්ත්රණය අමතා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. පී. බී. වරාවැව, කෑගල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ප්‍රියන්ත ගමගේ, රාවය ප්‍රධාන කර්තෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන සහ රයිට්ස් නව් සංවිධානයේ අධ්‍යක්ෂ නීතිඥ [...]
/ December 17, 2012 12:05 am
තමාට එරෙහිව එල්ලවූ දෝෂාභියෝගය සහ එය විමර්ශණය කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (15) ඒකමතිකව ගත් තීරණ සම්බන්ධයෙන් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇයගේ කෘතඥතාවය එම සංගමයට පිරිනමා සිටී. ඊයේ (15) පැවති නීතිඥ සංගමයේ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරියගේ උපදෙස් පරිදි, ඇය වෙනුවෙන් ඇයගේ නීතිඥ මඩුල්ලේ නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ඊයේ නිකුත් කර ඇති නිවේදනයක [...]
/ December 16, 2012 9:02 am
‘ලැම්බෝගිනි’ රේස් සුවයෙන් කුල්මත් වී සිටින ආණ්ඩුව, එක අතකින් ජයඝෝෂා නඟමින් අනිත් අතින් හොර රහසේ ම පෙට්රෙල් මිල රුපියල් 10 කින් වැඩිකර, ජනතාවගේ බඩට පහර පිට පහර එල්ල කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත්කළ නිවේදනයක එබව සදහන්වේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ. ශ්‍රී ලංකාවේ මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දත්තයන්ට අනුව, මේ [...]
/ December 15, 2012 5:30 pm
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ සාමාජික මහා සභා රැස්වීම අවසානයේදී අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් දෝෂාභියෝගය විභාග කළ ආකාරයට එරෙහිව යෝජනාවක් අතුළු යෝජනා තුනක් ඒකමතිකව සම්මත වූ අතර ඉන් අනතුරුව ඇතිවූ නොසන්සුන් තත්ත්වයේදී එහි සිටි ‘රාවය’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන මහතාට යම් කිසි නීතිඥයන් පිරිසක් විසින් පහර දෙන ලද්දේය යන ආරංචියක් පැතිර ගොස් තිබුණි. ජනරංජන [...]
/ December 13, 2012 4:08 pm
64වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් අධිකරණ ස්වාධිනතාවය රැකගනිමු මැයෙන් නිදහසේ වේදිකාව ඇතුළු කුරුණෑගල මානව හිමිකම් සංවිධාන එකතුව විසින් සංවිධානය කළ සම්මන්ත‍්‍රණය 12.12.12 දින කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වුණ අතර එය අමතා හිටපු මහාධිකරණ විනිසුරු WTMPB වරාවැව, නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ නීතිඥ විපුල චන්ද්‍රසේකර අදහස් දැක්වූහ. අධිකරණ ක්ෂේත්රයේ අද ඇති වී තිබෙන විනාශයේ ආරම්භය ගැන අදහස් [...]
/ December 10, 2012 4:36 pm
64වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරමින් ජනතා පරමාධිපත්‍ය සහ මානව හිමිකම් මැයෙන් නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත‍්‍රණය අද උදෑසන ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී විශාල ජන සහභාගීත්වයකින් පැවැත්විණි. කේ.ඩබ්ලිව්.ජනරංජන, පාක්‍යසෝති සරවනමුත්තු, සුදර්ශන ගුණවර්ධන, වික‍්‍රමබාහු කරුණාරත්න සහ රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම සම්මන්ත්රණය අමතා අදහස් දැක්වූ අතර අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දක්වා රට ආ ගමන් මග ගැන මෙන්ම මින් ඉදිරියට රට යන දිසාව [...]
/ December 9, 2012 9:57 am
64 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම පිණිස ‛ජනතා පරමාධිපත්‍යය සහ මානව හිමිකම්’ යන තේමාව යටතේ ‛නිදහසේ වේදිකාව’ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණයක් 2012 දෙසැම්බර් 10 වන සඳුදා පෙරවරු 9.45 සිට පස්වරු 12.15 දක්වා කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම සම්මන්ත්රණය අමතා විපක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, [...]
/ December 8, 2012 2:06 pm
නීතිඥවරුනුත් ‘අර කවුද’ කට්ටිය වගේ යැයිද, ඒ කට්ටිය මෙන්ම නීතිඥවරුන්ද සල්ලි දුන්නොත් ඕනෑම කෙනෙකුට ඉඩ දෙනවා යැයිද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. “දැන් පහුගිය දවස්වල මම ජනාධිපති නීතිඥවරු පත් කළා. මට විරුද්ධව උසාවි ගියපු අය, නඩු කියපු අය ඒ ලැයිස්තුවෙ හිටියා. මම ඒ අයව ජනාධිපති නීතිඥවරුන් හැටියට පත් කළා. එතකොට මගෙන් ඇවිල්ල අහනව ඇයි මුන්ට දුන්නෙ කියල. අන්න [...]
/ December 5, 2012 8:39 am
තමාට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් සිදු කරන දෝෂාභියෝග විවාදය මහජනයාට විවෘත කරන ලෙස අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා ඇතැයි නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය වෙනුවෙන් මෙම ඉල්ලීම් කර ඇත්තේ ඇයගේ නීතිඥයා වන ජනධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව අගවිසිනුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට හැකි වන අතර දෝෂාභියෝගය [...]