/ October 9, 2012 5:37 pm
දිවි නැගුම පනතට විරුද්ධ විය යුත්තේ එමගින් පළාත් සභා දුර්වල කර මධ්‍යම ආණ්ඩුව බලය තවත් ශක්තිමත් වන නිසා සහ සංවරණ හා තුලන න්‍යායන්ට පටහැනිව මධ්‍යම ආණ්ඩුවේ ඇමැති වරයෙකුට ලැබෙන අසාධාරණ බලතල ප‍්‍රමාණය නිසාය. මේ සම්බන්ධයෙන් දිවි නැගුම පනත ආශ‍්‍රයෙන් විකල්ප ප‍්‍රතිපත්ති කෙන්ද්‍රය ඉදිරිපත් කෙරෙන පහත සදහන් විග‍්‍රහය මගින් එය වඩා හොදින් තේරුම් ගත හැකිය. මෙතනින් බලන්න – Click Here
/ June 26, 2012 11:26 am
පසුගිය දිනෙක විවිධ මාධ්‍ය විසින් වාර්තා කර තිබූ පුවතකින් කියැවුණේ ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් වාසය කරන නිවසක් තුළට රාත්‍රියේ එබී බැලීමට උත්සාහ කරන ලද තරුණයකු එම ගෙවත්තේ අටවා තිබූ විදුලි කම්බියක පැටලී විදුලි සැර වැදී මිය ගිය බවයි. තවදුරටත් මෙහි විස්තර කර තිබුණේ මෙම තරුණයා පුරුද්දක් ලෙස රාත්‍රී කාලයේ මෙම තරුණියගේ කාමරයට එබිකම් කිරීමට පුරුදු වී සිටිය බවත් [...]
/ June 21, 2012 12:08 pm
මනෝරි කලුගම්පිටිය ප්‍රියලාල් සිරිසේන සුපිරි නළු ෂාරුක් ඛාන් නැවත වරක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් තොටුපොළකදී රඳවාගෙන පැය ගණනක් ප්‍රශ්න කරන ලදැයි මීට සති කිහිපයකට පෙර මාධ්‍ය මගින් වාර්තා විය. මීට වසර කිහිපයකට පෙර ද මේ අයුරින්ම ඇමෙරිකානු ගුවන් තොටුපොළකදී ඔහු රඳවාගෙන ප්‍රශ්න කරන ලද අතර ඊට හේතුව වූයේ ඔහුගේ නම අගට ‛ඛාන්’ කෑල්ලක් ඈඳී තිබීමයි. මුස්ලිම් නමක් නිසා ඇමෙරිකාවේදී කෙනෙකු [...]
/ May 19, 2012 11:56 am
“ඔයා දැන් එයාර්පෝට් යන්න. නවයයි හතළිස් පහට පූනේ ටීම් එක එනවා එයාලව ගන්න.” “ඩිනර් එක ඉවර වුණ ගමන් ඔයාලා දෙන්නා ඉන්දුනීසියන් ටීම් එකයි ඉරාන් ටීම් එකයි එපාර්ට්මන්ට්වලට ගිහින් බස්සන්න.” “හෙට එන ගෙස්ට්ලා සේරටම කෝල් කරන්න ඕන ඔයා.” “කෑම කොහොමද?….. හෙට මිරිස් අඩුවෙන් දාන්න කියන්න.” “හෙට performance එකට ස්ටේජ් එක චේන්ජ් කරන්න ඕන, ලයිට් හදන්න ඕන.” “අඩෝ අර ඉතිරි වෙච්ච පෝස්ටර් [...]
/ April 20, 2012 1:48 pm
ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ප්‍රංශ ජනරජයේ තානාපතිකම කරන අතිගරු දයාන් ජයතිලක උතුමාණන් කියන විදියට ලංකාව ස්වෛරී රාජ්‍යයකි. එම රාජ්‍යයේ පරමාධිපත්‍යය දරන්නේ මහජනතාව වන අපිමය. අපේ කටයුතුවලට ඇඟිලි ගැසීමට මොන ජගතෙකුටවත් බැරිය. ලංකාව තම ඛනිජ තෙල් අවශ්‍යතා සපයා ගන්නේ ඒවා පිට රටින් ආනයනය කිරීමෙනි. සිය රට දේ සිරි සැප දේ කියා කතාවට කිව්වත්, ‛ගන්න අපේ දේ’ කියා මව්බිම ලංකා සංවිධානය පෝස්ටර් [...]
/ April 19, 2012 3:20 pm
වියපත් කාන්තාවන් රැසක් දූෂණය කර මරා දැමූ කාලකණ්ණි සිද්ධි දාමයක් මුල්කරගෙන මෑත කාලයේදී කහවත්ත කැළඹුණේය. මේ සිද්ධි හරහා එක්ස් ෆයිල්ස් ගණයේ අද්භුත ගොංපාට් එකක් මවා රටටම ‛කික් එකක්’ දෙන ආකාරයේ වාර්තාකරණයක මාධ්‍ය නිරත වූයේය. එහි සමහර උච්ඡතම අවස්ථාවලදී පාඨක හෝ ශ්‍රාවක ප්‍රජාවටත් කහවත්තට ගොස් වියපත් කාන්තාවකට අතවර කර එන්නට නොසිතුණා නම් පුදුමය. අවසානයේදී මේ ඝාතන රැල්ල නවතා ජීවත්වීම සඳහා සහතිකයක් [...]
/ April 19, 2012 1:39 pm
ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධකවල විෂය පථය සහ ප්‍රමාණය කුමක්ද? ඉරානයට එරෙහිව ප්‍රධාන සම්බාධක කුලකයන් තුනක් පනවා ඇත. 1. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2. ඇමරිකා එක්සත් ජනපදය විසින් 3. යුරෝපා සංගමය විසින් පසුගිය අවුරුදු 5 ඇතුළත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉරානයට සම්බාධක පැනවීම සඳහා වන ප්‍රධාන යෝජනා 4 ක් සම්මත කරගෙන තිබේ. එමඟින් ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ යැයි [...]
/ April 18, 2012 3:13 pm
අපරාධ වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල ඉලක්කම් සෙල්ලම ගැන සමබිම නොයෙක් අවස්ථාවල නොයෙක් ස්වරූපයෙන් කතා කර තිබේ. පසුගිය කාලය පුරා කරන ලද එවැනි අවර ගණයේ ජුගුප්සාජනක වාර්තාකරණයන්හි නිරුවත හෙළිකරන වාර්තාකරණයක් ඉකුත් දා ‛දිවයින’ පුවත්පතේ තිබී අපට හමුවිය. ජානක ලියනාරච්චි සහ හේමන්ත රන්දුණු විසින් ලියන ලද එම ලිපියේ කොටස් කීපයක් සමබිමේ ඔබ වෙනුවෙන් නැවත පළකිරීමට අපි සිතුවෙමු. කොහේ හෝ කුමක් හෝ අපරාධයක් [...]
/ October 11, 2011 3:08 pm
මම මුලින්ම අංගොඩ රෝහලට එනකොට රෝහලට ඇතුළු වෙන තැන ඔළුව අවුල් කරගෙන, කොටට සරමක් කැහැපට ගහගෙන ලොකු මුගුරක් අතේ තියාගෙන ඉන්න මනුස්සයෙක්ගෙ පින්තූරයක් ගහලා එතන ලොකුවට ලියලා තිබුණා “මේ භූමියට ඇතුළු වන ඔබ වෙනුවෙන් ලංකා ආණ්ඩුව වග කියනු නොලැබේ කියලා.” මේ හෙළිදරව්ව කර තිබුණේ මින් අවුරුදු 40කට පමණ පෙර අංගොඩ රෝහලේ සේවයට පැමිණ දැනට දින කිහිපයකට පෙර විශ්‍රාම ගනු ලැබූ [...]
/ September 19, 2011 6:58 pm
වසර ගණනාවකට විරාමයක් දෙමින් තවත් මැතිවරණයක් අවසන් වුණා. ලාංකිකයන්ට මැතිවරණ කෙතරම් සුලභ අත්දැකීමක්ද කියනවා නම් මැතිවරණ ගැන මිනිස්සුන්ගේ තියෙන උනන්දුව සහ වුවමනාව එන්න එන්නම අඩු වේගෙන යනවා. ඒ නිසාම මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ පැටිකිරිය ගැන සමාජයේ ලොකු අවධානයක් යොමු නොවෙන තරම්. මොකද කවුරු කොහොම දිනුවත් ඡන්ද දායකයො හැමදාම පරාදයි. පසුගිය දවසක අපේ කාර්යාලයේ සගයෙක් මැතිවරණවලට සම්බන්ධව කියපු කතාවක් ඔබට [...]